එක්සත් ජාතීන්ගේ ප්‍රධාන යුද අපරාධ නිලධාරියා දිවයිනට

 10/10/2017 - 08:01
14 reads

යුද අපරාධ පිළිබඳ විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන නියෝජිතයා වන පැබ්ලෝ ඩී. ග්‍රෙයිප් අද දිවයිනට පැමැණීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ නියෝජිතයෙකු ලෙසයි ඔහු මෙරටට පැමිණෙන්නේ.
අද දිවයිනට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිතයා එළඹෙන 23 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රතිසංස්කරණය කිරීම, නව ත්‍රස්ත මර්දන පනත හා හමුදාවේ ඉඩම් නිරීක්ෂණය කිරීම ඔහුගේ විෂය පථයට ඇතුලත් වනවා.
බන්ධනාගාරවල රදවා සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් පිළිඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිතයා විසින් සොයා බලනු ඇති.
ඔහු විසින් සකස් කරන විමර්ශන වාර්තාව ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news