UPDATE: මන්ත්‍රී නාමල්ගේ සමාගමක අධ්‍යක්ෂවරියට අධිකරණයෙන් ලැබුණු නියෝගය

 10/10/2017 - 12:27
303 reads

කටුනායක ගුවන් තොටුපොලේදී අද අලුයම අත්අඩංගුවට ගත් ඔර්නෙල්ලා ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝගය කර තිබෙනවා.
ඇය ඩුබායි සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


මන්ත්‍රී නාමල්ට අයත් සමාගමක අධ්‍යක්ෂවරියක් වූ ඉරේෂා සිල්වා CID අත්අඩංගුවට [0/10/2017 - 07:27]

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය කටුනායක ගුවන් තොටුපළේදී අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා.
අබුඩාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගත් බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මීට පෙර ඇය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු ද නිකුත් කර තිබුණා.
ඉරේෂා ද සිල්වා මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා සිටි අතර, ඒ අනුව අබුඩාබියේදී ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබෙනවා.
රුපියල් මිලියන 30 කට අධික මුදලක් අයථා ලෙස උපයමින්  එම මුදල් ගවර්ස් කෝපර්ෂන් නැමැති සමාගමකට බැර කිරීමේ සිද්ධියකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව අද විභාගයට ගැනීමට ද නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news