නාමල්ගෙන් ප්‍රකාශයක් ගන්න බැහැ - හම්බන්තොට පොලිසිය කියයි

 10/09/2017 - 14:18
851 reads

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම හම්බන්තොට පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගිය දා හම්බන්තොට දී ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාව අතරතුර සිදුවූ පහරදීම් පිළිබඳ ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ හම්බන්තොට පොලිසියට පැමිණියා.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා හෙට දිනයේ පැමිණෙන ලෙසටයි නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ.
හෙට දිනයේ තමන්ට වෙනත් රාජකාරියක් යෙදී ඇති බැවින් අද දිනයේ හම්බන්තොට පොලිසිය හමුවේ පෙනී සිටිය ද මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වන බව පවසමින්.
අද, පාර්ලිමේන්තු දිනයක් බැවින් මන්ත්‍රී වරප්‍රසාද යටතේ කඩිනමින් පොලිසියෙන් පිටව යාමට නාමල් රාජපක්ෂ මහතා උත්සාහ දරනු ඇති බවට පොලිසිය විශ්වාසය පළ කර ඇති බවයි ඔහුගේ නීතිඥවරයා පැවසුවේ.
ඒ අනුව එම ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන බව ද පොලිසිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඡායාරූප - අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට

 

news24.lk
News24
sri lanka news 24
24 news