පොලිස් නිලධාරියෙකු තරුණයෙකුට පහරදීමේ සිද්ධියේ 'තීරණය' ලබන 12

 10/09/2017 - 14:33
137 reads

මත්තල දී පසුගිය දා ඇති වූ විරෝධතාවය අතරතුරදී උසස් පොලිස් නිලධාරියෙකු, තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන 12 වන දා ගැනීමට නියමිත බව ජාතික පොලිස් කොමිසම පවසනවා.

එහි ලේකම් ආරියදාස කුරේ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් මේ වනවිට වාර්තාවක් කැඳවා ඇති බවයි.

එය ඉදිරි දින දෙක තුළ දී ලැබීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළා.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම ලබන 12 වනදා රැස් වී සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පොලිස් අධිකාරී තුෂාර ද`ඵවත්ත මහතා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති.

එලෙස පොලිස් නිලධාරියෙකු තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම කොමිසමේ මාධ්‍ය අංශයේ සම්බන්ධිකාරක, ජනාධිපති නීතිඥ, සාලිය පීරිස් මහතා පැවසුවේ සමාජ ජාලා වෙබ් අඩවිවල මෙම පහරදීමට අදාල දර්ශන සහ විද්‍යුත් මාධ්‍යවල විකාශය වූ දර්ශන උපයෝගි කරගනිමින් එම පරීක්ෂණය සිදුකරන බවයි.

මීට අමතරව විරෝධතාවයේදි ඇතිවූ සිද්ධීන් සහ පොලිසිය පහරදුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ තුනක් ආරම්භ කර ඇති බවද පොලිස් මුලස්ථානය සදහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news