ඉමදුව ශ්‍රී උපතිස්ස විද්‍යාලයට සිව්වන වසරේ සඳලී සමස්ත ලංකා ජය ගෙනෙයි

 10/09/2017 - 10:27
6 reads

ගාල්ල හබරාදුව අධ්‍යාපන කොට්ඨාසයේ ඉමදුව කෝදාගොඩ ශ්‍රී උපතිස්ස විද්‍යාලයේ සිව්වන වසරේ  සඳලී අමෝධ්‍යා සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය  සාහිත්‍ය උළෙලේ  ගද්‍ය රචනා තරඟයෙන් ප්‍රාථමික අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගනිමින්.
පාසල් 11,000ක සිසු දරු දැරියන් අතරෙන්  සඳලී අමෝධ්‍යා සමස්ත ලංකා ජය ලබා ගැනීම ශ්‍රී උපතිස්ස විද්‍යාලයට විශේෂත්වයක් බව විදුහල්පතිණී  ඩබ්.ඒ.ටී. ජයමාලි මහත්මිය සඳහන් කළා.

සඳලී අමෝධ්‍යා පැවසුවේ පංතිභාර  ඊ.සී.සී.අයි. සෙව්වන්දි ගුරු මහත්මිගේ මෙහෙයවීමෙන් තරඟයට ඉදිරිපත් වූ බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news