මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට එරෙහි ඝාතන චෝදනා නඩුව අද සිට අඛණ්ඩව විභාගයට

 10/09/2017 - 09:49
46 reads

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට එරෙහි නඩුව අද සිට අඛණ්ඩව විභාග කෙරෙනවා.

පසුගිය ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් කහවත්ත නගරයේ පැවැත්වීමට සුදානම් කර තිබූ එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක රැළියක සැරසිලි කරමින් සිටි පුද්ගලයින් පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වන්නේ.

පසුගිය 19 වන දා මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා නියෝග කළේ අද සිට දින 03ක්  නඩුව විභාග කිරීමටයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news