අගමැති ෆින්ලන්තයේ නිල සංචාරයක

 10/09/2017 - 07:21
11 reads

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

දෙරට අතර සම්බන්ධතා තහවුරු කිරීම හා වෙළඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්‍ෂේත්‍ර තුළ නව සබඳතා ඇති කර ගැනීම එම සංචාරයේ අරමුණ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර් ඇතුළු ඉහළ පෙලේ නායකයින් සමග ද්වි පාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පස් වනදා සිට ජර්මනියේ පෞද්ගලික සංචාරයක ද නිරත වනවා

news24.lk
News24
sri lanka news 24
24 news