UPDATE : 2018 අය වැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

 10/09/2017 - 15:05
344 reads

2018 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි නිව්ස් 24 පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.
එම පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්‍ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3,982 ක්.
රාජ්‍ය ආධායම රුපියල් බිලියන 2175 ක් ලෙස ගණන් බලා ඇති බව සඳහන්.


 

2018 අයවැයේ ප්‍රථම ලේඛනය අද පාර්ලිමේන්තුවට [10/09/2017 - 07:01]

2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අද දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 3982ක්.

එම වසරේ සියලු‍ ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම නොවැම්බර් මස 09 වන දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ශක්තිමත් ආර්ථිකයක් පොහොසත් රටක් බිහිකර ජනතාවට වඩා හොද ජීවන තත්ත්වයක් ඇති කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති ජනතා අපේක්ෂා අනුව හැඩගැස්වීමට අවශ්‍ය යෝජනා මෙවර අයවැය මගින් අනාවරණය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

අයවැයට ඇතුළත් කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා ලබාගැනීම ඔක්තෝබර් මස 18 වන දින දක්වා සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
budget 2018