නීතිවිරෝධි ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

 10/08/2017 - 21:28
9 reads

ගලෙන්බිදුණුවැව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු සතුව තිබී ගිනි අවියක් හා පතුරම් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ එක් පුද්ගලයකු පලා ගොස් ඇති අතර  අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු නමගිය අපරාධකරුවෙකු බව ද සඳහන්.
අපරාධයක් සිදුකිරීමට යමින් සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news