නාගොඩ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මරුට

 10/08/2017 - 21:23
7 reads

මතුගම, කලවාන මාර්ගයේ මිදලන ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුන් හැවිරිදි දැරියක් මියගියා.
අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් තවත් 12 දෙනෙකු තුවාල ලබා බදුරලිය හා නාගොඩ රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගිය දැරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණ බදුරලිය පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news