තෙල්දෙණියේදී බසයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි - දෙදෙනෙක් මරුට - 15ක් රෝහලට

 10/08/2017 - 20:26
170 reads

තෙල්දෙණිය - රේටියගම මාර්ගයේ තැන්නේකඩේ හන්දිය දී අද (08) පස්වරු 7ට පමණ බස් රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් මගීන් දෙදෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. රංගල පොලිස් වසමට අයත් තැන්නෙකඩේ හන්දිය අසලදී රේටියගම දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් මෙලෙස අඩි 100ක පමණ ප්‍රපාතයට පෙරළී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූවන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය දෙදෙනාගේ දේහයන් ද තෙල්දෙණිය රෝහලේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් රංගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

news24.lk
News24
sri lanka news 24
24 news