UPDATE : ඉන්දියාවේ සිට පැමිණිමේ දී අත්අඩංගුවට ගත් සරණාගතයින් ඇප මත මුදා හරියි

 10/08/2017 - 19:29
303 reads

ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබෙනවා.
එකම පවුලේ මව පියා සහ දරු දෙදෙනෙකු මෙලෙස ඇප මත මුදාහැර ඇති බවයි පොලීසිය පැවසුවේ.
බෝට්ටුවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී පසුගියදා තලෙයිමන්නාරම කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර මාස 11ක් වයසැති පිරිමි දරුවෙකු සහ තුන් හැවිරිදි  දැරියක වන බව සඳහන්.
පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති පිරිසක් වන අතර පිරිමි පුද්ගලයා 2004 වසරේදීත්, කාන්තාව 2014 වසරේදීත් ඉන්දියාවට  පලා ගොස් ඇති බවයි.


නීති විරෝධී ලෙස තලෙයිමන්නාරමට ආ සරණාගතයින් පිරිසක් අත්අඩංගුවට [10/08/2017 - 14:02]

ඉන්දියානු සරණාගත කඳවුරු තුළ ජීවත් වූ සරණාගතයින් සිව් දෙනෙකු නීති විරෝධී ලෙස බෝට්ටු මගින් තලෙයිමන්නාරමට පැමිණීමේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එකම පවුලකට අයත් පියෙකු, මවක සහ දරුවන් දෙදෙනෙකු එලෙස බෝට්ටු මගින් පැමිණ ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
ඔවුන් පසුගිය යුද සමයේදී ඉන්දියාවේ සරණාගත කඳවුරුවලට ගොස් ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් පිරිස මන්නාරම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news