ලක්ෂ 50ක හෙරොයින් ගෙන උගන්ඩා කත ගුවන්තොටේදි අල්ලයි

 10/08/2017 - 15:34
56 reads

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවට ලෙස ආ 43 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්ඩංගුවට ගෙන තියෙනවා.  වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව මහතා කියා සිටියේ සැකකාර කාන්තාව අද (08) අලුයම 5.20ට පමණ උගන්ඩාවේ සිට ඩුබායි හරහා පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ 547 දරණ ගුවන් යානයෙක් කටුනායකට පැමිණ ඇති බවයි.
සැකකාර කාන්තාව ගෙන ආ අත් බෑගයක් තුළ තිබූ මුදල් පසුම්බියක හෙරොයින් ග්‍රෑම් 505ක් පමණ සඟවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ සැකකරු උගන්ඩා ජාතික කාන්තාව පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news