"ආර්ථිකය ශක්තිමත් කිරිමට විකල්ප වැඩපිළිවෙලකට යා යුතුයි"

 10/08/2017 - 11:58
49 reads

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා විකල්ප සංවර්ධන වැඩපිළිවෙලකට යා යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
රජයේ රැකියාවක් ලබාගැනිම සියලු දෙනාගේ අපේකෂාව වුවත් එවැනි ක්‍රියාමාර්ගයකින් සියලු ගැටලු විසදිමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
දෙණියාය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකලා.

මේ අතර මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා සදහන් කළේ විදෙස් ආයෝජන රැගෙන ඒමට නොහැකි නම් මෙරට ආර්ථිකය ශක්තිමත් කළ  නොහැකි බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news