පැය 15ක ජල කප්පාදුවක්

 10/08/2017 - 10:34
98 reads

අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 2 සිට හෙට අළුයම 5 දක්වා පැය 15ක කාලයක් කෝට්ටේ ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර,බණ්ඩාරනායකපුර, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා වන ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ අතුරු මාර්ගවල ද ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Water Cut