කළවංචිකුඩි ප්‍රදේශයේ ඝාතන සිද්ධීන් දෙකක්

 10/07/2017 - 19:11
97 reads

කලවන්චිකුඩි කෙල්පස් පාරේ පිහිටි නිවසක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

කලවන්චිකුඩි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 27ක එක් දරු මවක් බවයි.

ඇය සිය පියා සහ පුත්‍රයා සමඟ එම නිවසේ වාසය කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර මඩකලපුව මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කලවන්චිකුඩි පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

මේ අතර, කලවංචිකුඩි, ඔන්දච්චිමඩම් ප්‍රදේශයේ පා`ඵ ළිඳක තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් ද සොයා ගැනුනා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 30ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments