කළු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට

 10/07/2017 - 18:53
12 reads

ඇතැම් ප්‍රදේශවලට පවතින  අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ හේතුවෙන් පහත්බිම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මේ අතර, ඉදිරි දින කිහිපයේදී ද පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ චතුෂ්කා

ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news