හම්බන්තොට සිද්ධිය ගැන පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි

 10/07/2017 - 18:40
179 reads

හම්බන්තොට ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයේ දී පොලිස් නිලධාරීයෙකු විසින් තරුණයෙකුට සිදු කළ පහර දීමේ සිද්ධිය හා එම අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මත්තල ගුවන් තොටුපල ඇතුලු රාජ්‍ය සම්පත් විදේශ රටවලට අළෙවි කිරීමට එරෙහිවයි ඒකාබද්ධ විපක්ෂය ඊයේ පෙරවරුවේ එම විරෝධතාව සංවිධාන කර තිබුණේ.

අනතුරුව විරෝධතාකරුවන්  හම්බන්තොට පිහිටි ඉන්දීය මහකොමසාරිස්  කාර්යාලය වෙත ඇතුලුවීමට උත්සාහ දැරීමත් සමඟ පොලීසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

එම අවස්ථාවේ දී කලහකාරී ලෙස හැසිරුණූ පුද්ගලයින් 28 දෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, එළෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද තංගල්ල බන්ධනාගාරය වෙත පැමිණියා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news