නැගෙනහිර මුහුදු තීරයේ කොරල්පරවලට පසැඟිල්ලන්ගෙන් හානි

 10/07/2017 - 15:48
9 reads

නැගෙනහිර මුහුදේ පසැඟිල්ලන් පිළිබඳ කළ වාර්තාව කඩිනමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට භාර දෙන බව නාරා ආයතනය පවසනවා.

පසුගියදා නැගෙනහිර මුහුදු තීරයේ කොරල්පරවලට විශාල වශයෙන් හානි සිදුකරන පසැඟිල්ලන් විශේෂයක් ව්‍යාප්තවීමත් සමඟ ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙසට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරා ආයතනයට උපදෙස් ලබා දුන්නා.

NEWS 24  කළ විමසීමක දී නාරා ආයතනයේ සභාපති වෛද්‍ය අනිල් ප්‍රේමරත්න මහතා කියා සිටියේ මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි.

මෙම පසැඟිල්ලන් විශේෂය කොරල්පරවලට ඉතාමත් දරුණු ලෙස හානි සිදු කරන අතර ඔවුන් විසින් නිකුත් කරන රසායනික එන්සයිමයක් නිසා කොරල්පර දිරා ගොස් විනාශ වන බවටයි වාර්තා වන්නේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news