සෞඛ්‍ය අමාත්‍ය රාජිත සහ බිල් ගේට්ස් අතර හමුවක්

 10/07/2017 - 15:21
92 reads

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සදහා ලොව ධනවත්ම පුද්ගලයා වන, මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ හමුව ලබන නොවැම්බර් 15 වන දා  අබුඩාබියේ දී පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුව සිදුවනු ඇති බවයි.

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන ජිමී කාටර් ද එක්වනු ඇති.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news