පබ්ලෝ දිවයිනට එයි

 10/07/2017 - 07:30
14 reads

මෙරට  මානවහිමිකම් ප්‍රගතිය සොයාබැලිම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන පබ්ලෝ ඩි ග්රේෆ් (Pablo de Greiff) සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිතයි.

පබ්ලෝ ඩි ග්රේෆ් අන්තර්ජාතික යුක්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක්.

ඔහු ඔක්තෝබර් 10 සිට 23 දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරන්නේ.

මෙරට යුධ සමයෙන් පසු  යුක්තිය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති බාධාවන් හඳුනා ගැනීම , මෙතෙක් සිදු කර ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම රජයේ මැදිහත්වීම පිළිබඳව අවධානය යොමු කිරිම ඔහුගේ මෙම සංචාරයේ අරමුණයි.

මෙරටට පැමිණෙන ඔහු  රජයේ නියෝජිතයන්,  අධිකරණයේ සාමාජිකයන්, මෙරට ආරක්ෂක අංශ නිලධාරින් මුණගැසි සාකච්ඡා කිරිමට නියමිතයි.

මෙම සංචාරයේ අවසන් වාර්තාව ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇති.

news24.lk
News24
sri lanka news 24
24 news
UN special envoy
Pablo de Greiff