'වලානේ' බව පවසමින් කුරුඳුවත්තේ වෛද්‍යවරයෙකු පැහැරගනී - සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක්

 10/07/2017 - 07:08
128 reads

වලාන දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් බව පවසමින් කුරුඳුවත්ත ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු පැහැරගෙන ගොස් මුදල් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බවයි.

සැකකරුවන් විසින් වෛද්‍යවරයා සතු රන් මුදුවක්, රුපියල් ලක්ෂයක මුදලක් බලෙන් ලබා ගැනීමට උත්සාහ කර ඇති බව සඳහන්.

පැහැරගැනීම සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද  අලුත්කඩේ අංක එක, මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

news24.lk
News24
sri lanka news 24
24 news
Doctor kidnapp