අගමැති අද ජර්මනියට

 10/05/2017 - 07:06
9 reads

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සදහා අද ජර්මනියේ බර්ලින් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ජර්මනියේ සංචාරයෙන් අනතුරුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්තයේ නිල සංචාරයක් සදහා ද එක්විමට නියමිතයි.
ෆින්ලන්තය සමග පවතින වෙලෙද, ආර්ථික හා කර්මාන්ත ක්ෂෙත්‍ර වර්ධනය කර ගැනීම අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වනවා.
මෙම සංචාරය  සදහා අකිල විරාජ් කාරියවසම්, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ඇතුලු දස දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් එක්වනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස මෙම සංචාරයේදී ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර් ඇතුළු ඉහළ පෙලේ නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.
ෆින්ලන්තය සමග පවතින සබඳතා මේ හරහා වඩාත් වර්ධනය වන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කලේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments