ගිනි අවි අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට

 10/04/2017 - 12:17
49 reads

ගිනි අවි අලෙවි කළ පුද්ගලයෙකු මුලතිව් - පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 5,000 ත් 10,000ත් අතර මුදලකට සැකකරු ගිනි අවි අලෙවි කර ඇති අතර ඔහු සතුව තිබී බඳින තුවක්කු 07 ක්, සහ  කොටන තුවක්කු 03 ක් සොයාගෙන ඇති බව සඳහන්.
එමෙන්ම එම ගිනි අවිවලට යොදන පතොරම් 2000 ක්, පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් ඇතුළු ගිනි අවි සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
65 හැවිරිදි මෙම සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගිනි අවි නිෂ්පාදනය කර අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඡායාරූප - මාධව කුලසූරිය - වවුනියාව

news24.lk
News24
sri lanka news 24
24 news