උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගීක පරීක්‍ෂණ සඳහා දින නියම කෙරේ

 10/03/2017 - 16:10
305 reads

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයින් 56,439 දෙනෙකු  සඳහා විෂයන් 11 ට අදාළව ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව දින වෙන් කර තිබෙනවා.

ඒ අනුව, ඉංජිනේරු තාක්‍ෂණික විෂය සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ ලබන  8 වන දා සිට 15 වන දා දක්වා ද, ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය සඳහා ප්‍රායෝගික  පරීක්‍ෂණ 20 වන දා සිට 22 වන දා දක්වා ද පැවැත්වෙනු ඇති.

සෞන්දර්යය විෂයයන්  සහ ගෘහ ආර්ථික විද්‍යාවට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ 20 වන දා සිට 31 වන දා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news