UPDATE : අඩි 300ක් ප්‍රපාතයට ගිය ලංගම බසයෙන් අයෙක් මරුට තුවාල ලැබූවන් 64 දක්වා ඉහළට

 04/05/2017 - 19:54
1714 reads

නාවලපිටියේ සිට දොළොස්බාගේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ගෝනාවලපතන ප්‍රදේශයේදී අඩි 300ක්  පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලැබුවා.
අද දහවල් සිදු වු මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර පාසල් ළමයින් 19 දෙනෙකු සිටින බවයි නාවපිටිය මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා සඳහන් කළේ.


 නාවලපිටියේ ලංගම බසයක් අඩි 300ක් ප්‍රපාතයේ - 53ක් තුවාලයි  [04/05/2017 - 13:54]

නාවලපිටියේ සිට දොළොස්බාගේ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන්  පනස් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල කරුවන් නාවලපිටිය මූලික රෝහලට ඇතුලත් කෙරුණා.  කිහිපදෙනෙකු තත්ත්වය බරපතල බව සඳහන්. 

ලංගම බස් රථය දොළොස්බාගේ මාර්ගයේ ගෝනාවලපතන ප්‍රදේශයේදි අඩි තුන්සියක් පමණ  ප්‍රපාතයට පෙරළී තිබෙනවා.  තුවාල ලැබුවන් අතර කුඩා ළමුන් පිරිසක් ද වනවා. රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පැවසුවේ අද  පස්වරු 1.00න් පමණ පසු  තුවාලකරුවන් රෝහලට ඇතුලත් කෙරුණු බවයි. 

(සේයා රූ  - රංජිත් රාජපක්ෂ)