ධුර කාලය අවසන් වූ පළාත් සභාවල ඡන්දය මාර්තු

 09/30/2017 - 13:35
44 reads

ධුර කාලය අවසන් වූ පළාත් සභාවල ඡන්ද විමසීමේ කටයුතු ලබන මාර්තු මස පැවැත්වීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිත අතර හෙට දින උතුරු මැද පලාත් සභාවේ නිල කාලය අවසන් වනු ඇති.

සබරගමු පළාත් සභාවේ නිල කාලය පසුගිය 26 වන දා අවසන් වුණා.

මෙම පාළාත් සභාවල ධුර කාලය අවසන් වුවද එම පළාත්වල කටයුතු අකර්මණ්‍යවීමට ඉඩ නොතබන බවයි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news