UPDATE : දික්වැල්ලේ රිය අනතුරකින් ගැබිනි කාන්තාවක ඇතළු තුන් දෙනෙකු මරුට.

 09/27/2017 - 07:36
295 reads

දික්වැල්ල, පොල්ගහමුල්ල ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර ගැබිනි මවක සහ හත් හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු ද සිටින බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පුද්ගලයින් හත් දෙනෙකු ගමන් කර ඇති බවයි NEWS 24 වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් කාන්තාවන් හතර දෙනෙකු මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ පිරිස මාතර ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊයේ රාත්‍රි කාලයේ දීයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

 


දික්වැල්ලේ අනතුරකින්  මව පියා සහ දරුවන් තිදෙනා මිය යයි [09/26/2017 - 21:36]

දික්වැල්ල බතිගම ප්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් එකම පවුලේ සාමාජිකයින් 03 කු මියගොස් තිබෙනවා.

කොළඹ සිට කතරගම බලා ධාවනය වු බස් රතයක ත්‍රි රෝද රථයක් ගැටිමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු තවත් පුද්ගලයෙකු මාතර මහ රෝහලට ඇතුලත් කල බවද පොලිසිය සදහන් කලා.

බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරික්ෂණ සිදුකරන්නේ දික්වැල්ලේ පොලිසියයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news