මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් හංවැල්ලේදී වටලයි

 09/24/2017 - 11:55
47 reads

හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර 150ක්, ගෝඩා බැරල් 12ක් සහ ගෑස් සිලින්ඩර් 5ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් බලංගොඩ සහ රණාල ප්‍රදේශවල පදිංචි 33 සහ 35 හැවිරිදි වියේ පසුවන්නන් වන අතර ඔවුන් අද හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news