2018 ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 30 වනදා

 09/23/2017 - 07:43
635 reads

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2018 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන තරග විභාගය ලබන 30 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විට සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කර අවසන්.
ඒ අනුව අයදුම්පත් නොලැබුණ අයෙක් වෙතහොත් 0112 78 52 30 හෝ 0112 177 075 හෝ 19 11 ක්‍ෂණික ඇමතුම් අංක වලින් විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි.
විභාගය කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන තිස් හතකදී පැවැත්වෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news