පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

 09/23/2017 - 06:47
45 reads

කාන්තා නියෝජනය වැඩි කිරීම ඇතුළු යෝජනා ඇතුළත් පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබෙනවා.
පසුගිය විසිවනදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි බහුතර මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එය සම්මත වුණා.
සංශෝධන සහිතව පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 159කි.
ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 37 ක් පමණි.
මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බව නීතිපතිවරයා  කථානායකවරයාට දන්වා තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news