රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරීමේ සිද්ධියට සම්බන්ධ ගුරුවරයාට සහ සොහොයුරාට ඇප

 09/18/2017 - 17:49
9 reads

උසස් පෙළ විභාගය අතරතුර රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරිමේ  සිද්ධිය සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති  ගුරුවරයා සහ ඔහුගේ සොහොයුරා රුපියල් දසදහසක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.
ඒ සැකකරුවන් අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරිමටත්, සෑම ඉරිදා දිනකම  පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news