දළඳා වහන්සේ තැන්පත් කර තිබෙන කරඬුවේ රුව සහිත වීදුරු කෝප්ප තොගයක් මහනුවර නගරයෙන්

 09/15/2017 - 19:06
91 reads

මහනුවර, ශ්‍රී දළඳා මාලිගාව සහ දළඳා වහන්සේ තැන්පත් කර තිබෙන කරඬුවේ රුව මුද්‍රණය කරන ලද වීදුරු කෝප්ප තොගයක් මහනුවර නගරයේ වෙළඳ සැලක තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

ආගමික ලාංඡන වෙළඳ භාණ්ඩ වලට  යොදා ගත්  පුද්ගලයින්ට සහ වෙළඳසැල හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මහනුවර පොලීසිය සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news