අර්ජුන් ඇලෝසියස්ට බලපෑම් කළ නොහැකි බව ජනපති කොමිසම කියයි - අර්ජුන් මහේන්ද්‍රන්ටත් සිතාසි

 09/13/2017 - 19:06
170 reads

පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට බල කිරීමේ හැකියාවක් නැතැයි එම කොමිසම අද තීන්දු කළා.
සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාකෂි දිය හැකි බවත් එසේ නොමැතිව කොමිසමක් හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස බලකිරීමේ හැකියාවක් නොමැති බවයි කොමිසම දැනුම් දුන්නේ.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳ හෙළි කරගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි විමසීමට අපේක්ෂිතව සිටින බව ද කොමිසම ප්‍රකාශ කළා.
මේ අතර, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එළඹෙන 19 වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news