ශ්‍රී ලංකාවට එරෙහි ට්‍රම්ප්ගේ තීරණයට සෙනෙට් සභාවේ විරෝධය

 09/13/2017 - 07:07
1059 reads

මෙරට භූගෝලීය හා මූලෝපායික පිහිටීම ගැන සඳහන් කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය මෙරටට ලබාදෙන ආධාරවලින් සියයට 92 ක් කපා හැරිමට ගෙන ආ යෝජනාවට සෙනට් සභාව විරෝධය පළකර තිබෙනවා.

2018  වර්ෂය සදහා අමෙරිකාව විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල ලබාදෙන මූල්‍ය වාර්ථාවට අනුව මෙරටට ලබාදෙන මුල්‍ය අනුග්‍රහකත්වය මෙලෙස අඩු කිරිමටයි ට්‍රම්ප් පාලනයෙන් යෝජනා වී ඇත්තේ.

ශ්‍රි ලංකාව සඳහා ඩොලර් මිලියන 43 ක මුදලක් ලබාදිමට අපේක්ෂා කෙරෙන අතර ඉන් ඩොලර් මිලියන 35 ක් ආර්ථික ආධාර අරමුදල් ලෙස ලබාදිමට නියමිතයි.

එමෙන්ම  ඩොලර් බිලියන 6යි දශම 8ක් මුදලක් ත්‍රස්ත විරෝධී  කටයුතු සදහා ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

ඇමරිකානු ඩොලර් ලක්ෂ 500,000 ක මුදලක් හමුදාමය පුහුණු කිරීම් කටයුතු සදහා ද වෙන්කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය සහ  නීතියේ ආධිපත්‍යය උදෙසා ශ්‍රී ලංකා රජය දරණ ප්‍රයත්නයන් පිළිගනිමින් ඒ සදහා දිරිගැන්විම සදහා එම ආධාර මෙරටට ලබාදිය යුතු බවයි  සෙනෙට් කමිටුව සිය වාර්තා මගින් සඳහන් කර ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news