ගිරිබාවේ වෙඩි තැබීමක් - අයෙක් රෝහලට

 09/11/2017 - 20:54
386 reads

ගිරිබාව වරාවැව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද පස්වරුවේ එල්ල වී ඇති මෙම වෙඩි ප්‍රහාරයෙන් වරාවැව සඟබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ. තුවාල ලබා සිටි සැකකරු තඹුත්තෙගම රෝහලට ඇතුළත් කර ඇති බවත් තුවාල ලබා ඇත්තේ වරාවැව සඟබෝපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් පමණ වූ එම්. ජානක චන්ද්‍රසිරි නමැත්තෙක් බවත් පොලීසිය පවසනවා. වරාවැව ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය පවසන්නේ. 
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවයි. සැකකරුවන් සහ පළා ගිය කාර් රථය සොයා ගිරිබාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

news24.lk
News24
sri lanka news 24
24 news