බස්නාහිර පළාතේ ළමයින් 4811ක් පරිවාස භාරයේ

 09/08/2017 - 07:26
170 reads

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව භාරයේ මේ වන විට වයස අවුරුදු 18ට අඩු ළමයින් 4811ක් සිටින බව එහි  කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය පවසනවා.

එය පසුගිය වසරවලට සාපේක්ෂව ඉහලයාමක් බවයි දිසානායක මහත්මිය සදහන් කරන්නේ.

අනාථ වූ, අත්හරින ලද, අසරණ වූ හෝ අපයෝජනයට ලක් වූ ළමයින් එලෙස රැදී සිටින බවත්, වසරකට ළමයින් 300ක් පමණ එලෙස පැමිණෙන බවත් සදහන්.

බස්නාහිර පළාතේ ළමා නිවාස 120ක් සහ රැඳවුම් නිවාස 2ක් පවතිනවා.

මේ ආකාරයෙන් මෙරට වැඩිම ළමයින් පිරිසක් රැදී සිටින්නේ බස්නාහිර පළාත තුළ බවයි බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය NEWS24 කළ විමසීමක දී සදහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news