බස්නාහිර පළාත් සභාවට 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීම යළි කල්යයි

 09/04/2017 - 16:11
48 reads

බස්නාහිර පළාත් සභාව සඳහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම අද යළි කල්දැමුණා.
ඒ සඳහා පළාත් සභාවේ ඡන්ද විමසීමක් පැවති අතර, එහිදි ඊට පක්‍ෂව ඡන්ද 77 ක් සහ විපක්‍ෂව  ඡන්ද 5 ක් හිමි වූ බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
පසුගිය 28 වන දා ද 20 වන සංශෝධනය බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණා.
එහිදි සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, අනතුරුව එය අද දින දක්වා කල්දැමීමටයි තීරණය කෙරුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news