වතු කම්කරුවන් පිරිසක් රොසැල්ලේ ඉන්ධන පිරවුම් හලක් වටලයි

 09/03/2017 - 18:00
92 reads

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල, කුයිල්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක් අද වතු කම්කරුවන් විසින් වටලනු ලැබුවා.
ඒ, තමන් පරිහරණය කරන පානීය ජලයට අදාළ පිරවුම්හලේ ඉන්ධන මුසුවන බව පවසමින්.
ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටට පැමිණි ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පළ කළ බවයි නිව්ස්24 වාර්තාකරු පැවසුවේ.
අදාළ පිරවුම් හලේ අපද්‍රව්‍ය සහ භාවිතයට නොගන්නා ඉන්ධන මහවැලි ගඟේ අතු ශාඛාවක් වන හැටන් ඔයට මුදාහරින බව විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news