පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හඬ පටිගත කිරීමේ පද්ධතිය සී.අයි.ඩී.යට

 08/29/2017 - 16:41
13 reads

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ගනුදෙනු සිදු කළ කාමරයේ හඬ පටිගත කිරීමේ පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම් සභාවේ දී අද හෙළිදරව් වූ පරිදි මෙම පද්ධතිය රහස් පොලිසිය භාරයට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේදියි.

මේ අතර පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් වැඩිදුර  ප්‍රශ්න කිරීම් මේ වනවිටත් සිදුවනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news