ගබ්සාව නීතිගත කිරීමට පාර්ශව රැසකින් විරෝධතා

 08/26/2017 - 16:00
135 reads

විශේෂිත අවස්ථාවන්හිදී ගබ්සාව සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලයේ සහ වෛද්‍ය විශේෂඥයින්ගේ අනුමැතිය පලවීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශවයන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා.

ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවට වූ යෝජනාවට මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාල යෝජනාව ඇතුළත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහෙත්, මෙරට තුළ ගබ්සාව නීතිගත කිරීම තරයේ හෙලාදකින බවයි  ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අති උතුම් ජේ.වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් සඳහන් කළේ.

එමෙන්ම යම් අසාධාරණයකට ලක්ව සිටින ඕනෑම අයෙකුට  සහය ලබා දීමට කතෝලික රදගුරු සම්මේලනය සූදානම් බව ද ජේ.වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් කියා සිටියා.

මේ අතර, අස්ගිරි මහා විහාරයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් NEWS24 වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ පනත් කෙටුම්පතට තමන් වහන්සේද විරෝධය පළ කරන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් NEWS24 කළ විමසීමකදී නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා කියා සිටියේ කොන්දේසි දෙකක් යටතේ ගබ්සාව නීතිගත කළ යුතු බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news