වකුගඩු ජාවාරමේ පරීක්‍ෂණ අවසන්ව නැහැ

 08/24/2017 - 21:05
11 reads

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරුණු වකුගඩු ජාවාරම සම්බන්ධයෙන්  පරීක්‍ෂණ තවමත් අවසන්ව නොමැති බව හයිද්‍රාබාද් මධ්‍යම අපරාධ ඒකකය පවසනවා.

මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කෙරුණේ 2014 වර්ෂයේදියි.

තම ද්‍රරිද්‍රතාවය හේතුවෙන් මෙරට පෞද්ගලික රෝහල්වලදි සිය වකුගඩු අලෙවිකිරීමට සුදානම්ව සිටි පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට පත් විමත් සමග ඉන්දිය සයිබර් අපරාධ අංශය අදාළ විමර්ශන ආරම්භ කළා.

ඉන්දිය සයිබර් අපරාධ අංශයේ සහකාර කොමසාරිස්
කේ.එස්.සී රගුවිර් මහතා එරට මාධ්‍යයට සඳහන් කර ඇත්තේ එම පරික්ෂණ කටයුතුවලට සහාය ලබා ගැනීම සඳහා ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇති බවයි.

එහෙත් තොරතුරු ලබාගැනිම සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් පරික්ෂණ කටයුතු ප්‍රමාද වී ඇති බවද ඔහු සදහන් කළා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news