විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

 08/20/2017 - 11:12
44 reads

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබූ බව සඳහන්.

එමෙන්ම අදාළ සැකකරු වංචා නඩු 21ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රඳවා සිටියදී 2009 වර්ෂයේ දී ඉන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත  වරෙන්තු 6ක් සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තු දෙකක් නිකුත් කර ඇති බව ද පොලීසිය පැවසුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news