බුද්ධි අංශ නිලධාරියෙකු ලක්‍ෂ 91ක රත්රන් කටුනායකින් පිට කරද්දී කොටු

 08/18/2017 - 08:35
44 reads

රුපියල් ලක්‍ෂ 91කට අධික වටිනාකමකින් යුත් රත්රන් තොගයක් කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙනයාමට උත්සාහ කළ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

NEWS24 ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ සිංගප්පූරූවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙම රත්රන් තොගය මෙරටට රැගෙනවිත් තිබූ බවයි.

අනතුරුව අදාළ බුද්ධි අංශ නිලධාරියා මෙම රත්රන් තොගය ගුවන්තොටුපලින් පිටතට රැගෙනයාම සඳහා උත්සාහ කර ඇති බව රේගු නිලධාරියෙකු කියා සිටියා.

රේගූ භාරයට ගත් රත්රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 2ක් පමණ වන බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news