හොරු ඇල්ලීමේ ක්‍රියාවලියට විරුද්ධ වන අය හොරුන්ගේ මිතුරන්.. අධිකරණ ඇමතිතුමාට මේවා නොතේරෙනවා වෙන්න බෑ..

 08/18/2017 - 08:17
680 reads

වර්තමාන ආණ්ඩුවට ලැබුණු ජන වරමක් තුළ හොරු ඇල්ලීම අද බොහෝ දෙනෙකුට අමතක වී ඇතැයි විදුලි බල හා පුනර්ජණනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අධිකරණ විෂයභාර විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහි යෝජනාවක් ගෙන එනු ලැබුවේ ද එම තත්ත්වය හේතුවෙන් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

අද (18) උදෑසන 7.30 ට සිත එෆ්.එම් රේඩියෝව ඔස්සේ විකාශය වූ මහජන දිනය වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වූ මහජන දිනය සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.

news24.lk
News24
sri lanka news 24
24 news
Udithamal Hemachandra
Mahajana Dinaya
Ajith P Perera