සිත FM ගුරුගෙදර බෝධි පූජා සහ අධිෂ්ඨාන පූජාව සාර්ථකව අවසන්

 08/16/2017 - 18:25
132 reads

5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින දරුදැරියන්ට ආශිර්වාද කිරීම වෙනුවෙන් පැවැත් වූ බෝධිපූජාව සහ අධිෂ්ඨාන පූජාව මීට සුළු මොහොතකට පෙර කැලණිය රජමහ විහාරස්ථ පිං බිමේදී අවසන් වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වී සිටින දරුවන් සඳහා ආශීර්වාද කිරීමට පැවැති මෙම බෝධි පූජා සහ අධිෂ්ඨාන පූජාව සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.  මෙහිදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ගුණ බල අන්තර්ගත කර සකස් කරන ලද ගාථා රත්නය ලබාගැනීමේ අවස්ථාවද මෙහිදී සියලුම සිසු දරුවන්ට උදාවිය.

 


 

සිත fm ගුරු ගෙදර බෝධි පුජා පිංකම අද කැළණියේදී [08/16/2017 - 07:25]

මෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිත එෆ්.එම්. ගුරු ගෙදර ආශිර්වාද බෝධි පූජාව සහ සෙත් පිරිත් දේශනාව අද කැළණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.

ඒ අනුව සවස 3 යි 30ට පෙර එම පිංකම සඳහා විහාරස්ථානයට පැමිණෙන ලෙසටයි සංවිධායක මණ්ඩලය දැනුම් දෙන්නේ.

අද දින පැමිණෙන සියලු දරුවන්ට නිසැක ජය ලැබෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගුණ බල අන්තර්ගත කර සකස් කරන ලද ගාථා රත්නය ලබා ගැනීමේ අවස්ථාව ද උදා වනවා.

බෝධි පුජාව සහ සෙත් පිරිත් දේශනාව කොළොන්නාව, බටහිර සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කුඩාබුත්ගමුව ශ්‍රී ධර්ම රක්ෂිතාරාම විහාරාධිපති දේදුනුපිටියේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය මත සිදු කරනු ඇති.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news