යහපාලන ආණ්ඩුව බිහි කිරීමට මුල්වූවෝ ආණ්ඩුවට එරෙහි වෙති

 08/13/2017 - 20:24
175 reads

යහපාලන ආණුඩව බලයට පත්වන විට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට මෙතෙක් අසමත් වී ඇති බව හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය පවසනවා.
එහි සාමාජිකයින් මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වර්තමාන ආණුඩව බලයට පත්කිරීම සඳහා පූර්වගාමීව කටයුතු කළ වෘත්තීය සමිති මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙරමුණ ගෙන තිබෙනවා.
ජනතාවට පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් ඉදිරියේ දී ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කිරීමට සූදානම් බවයි හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ.

මේ, හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරයේ සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා.

 

news24.lk
News24
sri lanka news 24
24 news