ආණ්ඩුවෙන් ඉවත් වී තමන් සමග එකතුවන්නැයි මහින්ද දැනුම් දෙයි

 08/13/2017 - 19:06
1103 reads

තමන් කරන ලද පව්වලින් මිදීම සඳහා තනතුරු අතහැර ඒකාබද්ධ විපක්ෂයට පැමිණෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ අනුරාධපුරයේ ජනතාව නෙ`ඵම් අල ආහාරයට ගන්නා තත්ත්වයට වර්තමානය වනවිට මෙරට ආර්ථිකය පත්ව ඇති බවයි.
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පියා වෙනුවෙන් අද පැවැත් වූ දානමය පින්කමට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

“මහ බැංකුවේ මහා මංකොල්ලයේ අලාභය දැන් තමුන්නාන්සේලාගේ ලූණු බිකෙන් ගෙවනවා. රාජිතට නම් ඒ මංකොල්ලය ලූණු බිකක්. ගොවි පුතෙක් රජ කරලා, ගොවි පුතෙක් කෘෂි ඇමති වෙලත් ජනතාවට ලැබිච්ච සහනයක් නෑ. කුඹුරු වැඩ කරන එක තහනම් කරලා පොහොර සහනාධාරයත් කැපුවා.දැන් කන්න නැතුව අනුරාධපුරයේ ජනතාව නෙ`ඵම් අල කනවා. මේ තත්ත්වයට මේ රට පත් කළේ කවුද? ප්‍රතිපත්ති පාවා දීලා ආණ්ඩුවට ගියපු අයයි. මං ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගෙන් ඉල්ලන්නේ වහාම මේ පාප කර්මයෙන් මිදෙන්න තනතුරු අතහැරලා ඒකාබද්ධ විපක්ෂයට එන්න කියලා.''

 

news24.lk
News24
sri lanka news 24
24 news