UPDATE: සුනාමියක් නෑ - නිවේදන අස්කරගනී

 08/13/2017 - 11:42
518 reads

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ හටගත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට වූ නිවේදන ඉවත්කළ බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මීට පෙර එම මධ්‍යස්ථානය පැවසුවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව යම් දැනුවත්භාවයකින් පසුවිය යුතු බවටයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවද  එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි භූ කම්පනයක් හටගත්තා.

මාපාංක 6.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනය කිලෝ මීටර 35ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ  ආයතනය  පවසන්නේ සුනාමි අවදානමක් නොමැති බවයි.

සබැඳි පුවත්

6.5ක භූ කම්පනයක්

news24.lk
News24
sri lanka news 24
24 news
no tsunami warning