ලිතුවේනියා සංචාරකයින් වාර්තාගත ලෙස ඉහළට

 08/13/2017 - 11:17
258 reads

වාර්තාගත අයුරින් මෙරටට පැමිණෙන ලිතුවේනියා සංචාරකයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක ප්‍රවර්ධන කාර්්‍යාංශය සදහන් කළේ එය පසුගිය වසරවලට සාපේක්ෂව 30% ක වැඩි විමක් බවයි.

මෑතකාලය තුළ දෙරට අතර සබදතා ශක්තිමත් විම වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණිමට හේතුවක් වී ඇති බවයි එම කාර්යාංශය සදහන් කලේ.

මෙරටට පැමිණෙන සංචාරකයින් අතරින් ප්‍රධාන තැනක් හිමිවන්නේ චීන ජාතිකයින්ටයි .

වසරේ ගතවු මුල් මාස 7 තුළ පමණක් ලක්ෂ 12 කට වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ද එම කාර්යාංශය සදහන් කලා.

 

news24.lk
News24
sri lanka news 24
24 news